රට ණයයි ආර්ථිකය ලොකු අවුලක – මහින්ද රාජපක්ෂ

රට ණයයි ආර්ථිකය ලොකු අවුලක - මහින්ද රාජපක්ෂ

අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දියාව බලා පිටත් වූයේ පසුගිය 7 වැනිදාය. එම සංචාරයේදී ඒ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම් නාත් කෝවින්ද්, හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං, කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි යන මහත්වරුන් මුණගැසී සාකච්ඡා පැවැත්වීය. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකටද එක්විය. එහිදී ඉන්දියාවෙන් ගත් ණය සඳහා සහන කාලයක් බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා ඉකුත් ආණ්ඩුව එකඟතාව පළ කළ ව්‍යාපෘති තම ආණ්ඩුව ඉදිරියට ගෙන නොයන බව ද කීවේය. ‘ද හින්දු’ පුවත්පතේ මාධ්‍යවේදිනී ‘සුහාසිනි…

Read More