තිස්වසකට පසු යුක්තිය ඉල්ලන අරන්තලාව සමූල ඝාතනය!

අරන්තලාව ප්‍රදේශයේ සිදුවූ භික්ෂුන් වහන්සේලා 33 නමක් ඝාතනය කරමින් එල්.ටි.ටි.ඊ සංවිධානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ලැබුණි.

ඒ් එම ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් පුජ්‍ය ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසිනි.

මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරමින් උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ අරන්තලාවේ සිදුවූ භික්ෂු ඝාතන සිද්ධියට සම්බන්ධව දැනට ජිවතුන් අතර සිටින එල්.ටි.ටි.ඊ. සංවිධානයේ සිටි සාමාජිකයින්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තමන් වහන්සේට රුපියල් කෝටි දෙකක වන්දියක් ලබා දෙන ලෙස නියෝග කරන ලෙසටය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂකවරයා නම් කොට ඇත.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණේ පහුගියදා කරුණා අම්මාන් විසින් අම්පාර ප්‍රදේශයේදී කර තිබු කථාවක්ය. ඒ් තමන් කොරෝනාවට වඩා භයානක බවත් ඒක දිනක් තුලදී හමුදාවේ 2000 – 3000 ක් ඝාතනය කළ පුද්ගලයෙකු බවය. ඔහුගේ මෙම ප්‍රකාශය බොහෝ දෙනෙකුගේ විවේචනයට, අප්‍රසාදයට ලක් වු අතර මහනුවර දළඳා මාළිඟාවට ඒල්ල වු බෝම්බ ප්‍රහාරය, අරන්තලා භීක්ෂු ඝාතනය ට මුල් වුයේද කරුණා අම්මාන් බව මෙරට ජනතාවට සිහිපත් කරවීමට ඔහුගේ ඒම පුරසාරම් කථාව මුල් විය. ඒහිදී සමාජ මාධ්‍ය හරහාද කරුණා අම්මාන් සිදු කළ ත්‍රස්ත ක්‍රියා ඡායාරූප සහිතව සංසරණය වන්නට වුයේ කරුණා අම්මාන්ට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමිනි.

මෙවන් පසුබිමක් තුල 1987 ජුනි 02 දා සිදු වු අරන්තලා භීක්ෂු ඝාතනයෙන් දිවි ගලවා ගත් ඒහෙත් පුර්ණ කාලීන ආබාධිත තත්ත්වයට පත්ව සිටින ආඳාඋල්පොත බුද්ධසාර හිමියන් විසින් ඊයේ දින නීතිඥ මෝදිත ඒ්කනායක මහතා මාර්ගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

1987 ජුනි 02 වෙනි දින අම්පාර මහාවාපී මහා විහාරයෙන් විහාරාධිපති හෑගොඩ ඉන්දසාර නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඒදා 15 වියැති සාමණේර හිමිනමක් ලෙස ආඳාඋල්පොත බුද්ධාසර හිමියන් ඇතුලු තවත් කුඩා සාමණේර හිමිවරුන් 31  ක් නමක් සමඟ මහනුවර ශ්‍රි දළඳා නා හිමි වන්දනාකොට කැළණි රජමහා විහාරයත්, කලුතර බෝධියත් වැඳපුදාගෙන ඒතැන් සිට පා ගමනින් කතරගම කිරිවෙහෙර දක්වා ධර්ම ප්‍රචාරක චාරිකාව යෙදීමේ අරමුණින් ලංගම බස් රථයකින් පිටත් වී ගමන් කරමින් සිටියදි අරන්තලාව නුවරතැන්න ගම්මානය අසලදී දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් 20කගෙන් යුතු පිරිසක් සැඟවී සිට පහර දී තිබුණි. ඉන් අනතුරුව ඔවුන් එහි රියැදුරාට බස් රථය අසල පිහිටි අරන්තලාව වනාන්තරයට ගෙන යන ලෙස අණ කර  බස් රථය අරන්තලාවේදී නැවතූ වහා ඉමහත් කෝපයෙන් පරුෂ වචනයෙන් බණිමින් කොටි සාමාජිකන් පිරිස වෙඩි තබමින් සහ කඩු පහර දෙමින් භික්ෂූන් වහන්සේලාට පහර දී ඝාතනය කළහ. මෙහිදි බස් රියේ ගමන් කළ සිවිල් වැසියන් 4 දෙනෙක්ද ප්‍රහාරයෙන් මිය ගියහ.

මෙම සිදුවීම සිදුව දැන් වසර තිහකි. ඒ්ත් එම ඛේදවාචකයේ නටබුන්, අවශේෂයන් තවමත් අප තුල ඇත්තේය. ඒහෙත් ඒය උඩට මතුව ආයේ කරුණා අම්මාන්ගේ කථාව නිසාය. ආඳාඋල්පොත බුද්ධසාර හිමියන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේද උන් වහන්සේ තිස් වසක් පුරා ඒක්තැන් කළ ඒ් ඛේදවාචකයට යුක්තියක් නොවන්නේද?

-ශානිකා-

Social Sharing
නවතම