ත්‍රී රෝදරථ සංගමයක සභපති ඝාතනය කිරීම – බැසිල් ප්‍රනාන්දු

ත්‍රි රෝදරථ සංගමයක සුනිල් ජයවර්ධන යන අය ලීසිං කොම්පැනියක් ඉදිරීයේම මැරවරයන් විසින් පහරදි ඝාතනය කල සිද්දිය දැන් කථාවට ලක්වෙමින් පවති. ත්‍රිවීල් සංගමයේ සභාපතිවරයා මේ දින වල ත්‍රීරෝද රථ පදවන්නන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන මාසිකව ගෙවීමට ඇති ලීසිං වාරික වල අවහිරයන් පිලිබඳව ප්‍රසිද්ධියේ කථා කල අයකි. පසුගිය කාලය පුරා පැවතුන කෝවිඩ් වසංගතයත් එම වසංගතය නිසා ඇති වුන ඇදිරි නීතිය තත්වයත් මේ නිසා සාමාන්‍ය අන්දමින් වැඩකටයුතු කරගෙන යාමට ත්‍රීරෝද රථ වලට නොහැකී වීමත් නිසා ඔවුන් පත්ව ඇති කණගාටුදායක තත්ත්වය එහි සභාපතිවරයා විසින් මාධ්‍යට පෙන්වා දී තිබුණි.

එසේ ප්‍රකාශයන් කිරීමට ඔහුට සිදු වූයේ රජය විසින් කෝවිඩ් කාලය අදාලව ගෙවීය යුතු ලීසිං වාරික සම්බන්ධව සහන කාලයක් ලබාදෙන බවට ජනාධිපතිතුමා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල මොහොතක එය නොතකා එසේ බදු ගෙවීමට නොහැකි වූ ත්‍රීවීලය බලෙන් තමන් සන්තකයට ගැනීමට ලීසිං ආයතන විසින් ගෙන යනු ලබන ක්‍රියා මාර්ගයන් නිසාය. මෙය රටේ බොහෝ ප්‍රදේශව වල සිදු වන බව වෙනත් මාර්ග වලින් ආරංචි වී ඇත. සභාපතිවරයා අදාල සමාගම වෙත ගොස් තිබුණේ එසේ බලයෙන් ගෙන යන ලද ත්‍රීරෝද රථයක් සම්බන්ධයෙන් සාකච්ඡාකොට එයට සහනයක් ලබාගැනිමේ අරමුණෙනි. එම සාකච්ඡාවට ලීසිං ආයතනයේ නිලධාරීන්ද සම්බන්ද වී ඇත. එසේ වුවත් එම නිලධාරීන් ඉදිරියේම එම සභාපතිවරයාටත් ඔහු හා ආ අනෙකුත් පුද්ගලයන්ටත් කණ්ඩායමක් විසින් පොලු හා වෙනත් දේ වලින් පහර දී ඔහු ලීසිං ආයතනය ඉදිරී පිට ම මරාදමන ලද බව මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කරන ලදි.

කෝවිඩ් ප්‍රශ්නය නිසා විශාල ආර්ථික ගැටලු වලට සමාජයේ දූගීම කොටස් වලට මුහුණ පෑමට සිදුවන බව එක්සත් ජාතීන්ගේ අදාල ආයතන විසින හා ජාත්‍යන්තර සංවිධාන විසින් ඉතා ප්‍රභලව පෙන්වා දී ඇත. මෙම තත්වයට විසදුම් සොයා දීම රජයේ වගකීම බවත් එසේ කිරීමට අපහසු වූවහොත් ඉතා බරපතල ආකාරයක ආර්ථික ප්‍රශ්න සෑම රටක් පුරාම ඇති වීමට ඉඩ ඇති බවත් මෙම ජාත්‍යන්තර සංවිධාන විසින් පෙන්වා දී ඇත.

මෙසේ ඇති වීමට ඉඩකඩ ඇති එක් ප්‍රධානම ප්‍රශ්නයක් නම් ආහර හිගයක් හා සාගතය හා මංදපෝෂණය පැතිරී යාම බවද එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් මේ සතියේ කරන ලද ප්‍රකාශයකින් පෙන්වා දි ඇත. මෙසේ ඇති වීමට ඉඩ ඇති සාගත සත්ත්වය පහුගිය අවුරුදු 50ක කාලයක නොදුටු ප්‍රමණනයේ විශාල පරිමාණ එකක් විය හැකි බවද එම නිසා මෙවා පිලිබඳව තීරන ගත යුතු බවද එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් ප්‍රකාශ කරන ලදි.

කෝවිඩ් ප්‍රශ්නය නිසා හා ඒ මත ඇති වුන ඇදිරි නීති තත්වය නිසාත් රැකියාවක් කර ගැනීමට නොහැකි වීම නොවැලැක්විය හැකි තත්වයකි. මෙම තත්වයට වැඩි වශයෙන් මුහුන දෙන්නේ අඩු ආදායම් ලබන කණ්ඩායම් විසිනි. මෙම අඩු ආදයම් ලබන කණ්ඩායම් වලට ඔවුන්ගේ ජීවිකාව ගෙනයාමටත් ආදයමක් සොයාගැනීමටත් නොහැකි තත්වයක් යටතේ ලීසිං වාරික ගෙවීමට  බැරි වීම ඔවුන්ගේ වරදකින් සිදු වන්නන්ක් නොවේ.

එම නිසා රජය විසින් මෙම කාලය සඳහා දී ඇති සහනය ක්‍රියාත්මක කර ගැනීම සඳහා වැඩපිලිවලක් නොතිබීම නිසා සිදු වී ඇත්තේ එම පොරොන්දු වාචික පොරොන්දු පමණක් බවට පත් වීමයි. ඒවාට අදාලව පැන නැගිය යුතුව තිබු විවිධ විදානයන් හා එවා ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා වැඩ පිලිවලක් නැති තත්වයකදි, එවා නොතකා හැරීමට සමහර සංගම් කටයුතු කිරීමද පුදුමයක් නොවේ.

මීට වැඩියෙන් කැපී පෙනන ප්‍රශ්නය නම් රු. 35000ක් වැනි මුදලක ප්‍රශ්නයක් විසදීම සඳහා ගත් පියවර වී ඇත්තේ එම ප්‍රශ්ණය කථා කිරීමට ගිය සභාපතිවරයාට මැර කණ්ඩායමක් විසින් පහරදී මරා දැමීමය. මෙය සමාජය ම්ලේඡත්වයට කඩා වැටීම පිලිබිඹු කරන අවස්ථාවකි.

මෙයින් කරුණු ගනනාවක් පෙනියයි. ලීසිං සමාගමේ අනුදැනුම හා ඇනුමැතිය නොමැතිව මෙම ඝාතනය සිදු කිරීමට මැර කණ්ඩායමට අවශ්‍යතාවයක් නැත. මේ නිසා මෙම මණනයට වගකිව යුත්තේ ලීසිං සංගමයි. ලීසිං සමාගම  වෙනුවෙන් කවුරුන් හෝ කෙනෙක් විසින් මෙම මැරවරයන් යොදාගෙන ඇති අතර එම මැරවරයන්ට ගෙවීම් ආදියද  කල ඇති බවට සැක කිරීමට සධාරනය . මේ නිසා සුනිල් ජයවර්ධන මරණය කුලියට ගත් මැරවර කණ්ඩායමක් විසින් ඉටු කල බවට සහතිකය. එම නිසා මෙම මර්ණය සිදු කල අය පමණක් නොව මෙම මරණය සිදු කිරිමට අණදුන් හෝ වෙනත් ආකරයෙනනුබල දුන් ආයතනයේ නිලධාරීන් හෝ ප්‍රධානීන් පිලිබඳව පරීක්ශනයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය වේ. එසේ නොකලහොත් මෙම මරණයද ඉතා නොවැදගත් අකාරයක සැලකිල්ලකට භාජනය වනු ඇත. මිලේඡ්චත්වයේ එක් ලක්ෂනයක් නම් මිනිමැරුම් අඩු තක්සෙරුකර එවායේ සැර බාල කර වග කිව යුත්තන් වග නොකියන තැනට ඉඩ සලසා දීමට මග පැදීමය.

මෙවැනි තත්වයක් ඇති වීම පුදුමයක් නොවේ රට පුරාම ඉතා දරුණු මට්ටම් වල මිනි මැරුම් සොරකම් ආදිය විශාල වශයෙන් සිදු වන බව දෛනික වාර්ථා වලින් පෙනි යයි. සමහර බලවත් මැරවරයන් මරා දැමීමත් තවත් කණ්ඩායමක් විසින් මරාදමන විට ජනයා විසින් සතුටු වන තත්වයට පත්ව ඇත. මැරවැරියින් විසින් කරනු ලබන ඝාතනයන් පිලිබඳව සතුටු වන්නේ නීතිය පිලිබඳව බිය බිද වැටි ඇති සමාජයන් තුලය. කොයිම ආකාරයකින් වත් තමන්ගේ ආරක්ශාව සලසා ගැනීමට නොහැකි වු මිනිසුන් මැරවරයන් විසින්වත් එය කරනවා නම් එ ගැන සතුටු වෙති.

ලංකාව දැන් පසු වන්නේ කෝවිඩ් තත්වය නිස ඇති වුනු ආර්ථික ප්‍රශ්න ඉවර වන තත්වයක නොවේ.  ඒත් සමඟම විශාල සාඝත හා මන්දපෝශන තත්වයන් ඇතිවන බවට ජාත්‍යන්තර අනතුරු ඇගවීම් කල පසු බිමකය. මෙවැනි තත්වයක්දි සිදු වන්නේ තමන්ගේ ඔනා එපාකම් මිලේච්ඡ ආකාරයෙන් ඉටු කර ගන්නා කණ්ඩායම් බිහි වීම හා එවා මර්ධනය කිරීමට බැරි තත්වයක් උදාවීමය. මෙය අතිශය ඛේදජනක මෙන්ම භයන්කර තත්වයක්ද වේ.

මෙයට විසදුම කුමක්ද? පෙනෙන්නට ඇත්තට විසදුමක් ඇත්තේ නැත. මෙවැනි මැරවර කණ්ඩායම් හා එවා පිටුපස සිටින ආර්ථික බලවේගයන් රජයේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදෙයි. ඔවුහූ රජයේ මග පෙන්වීම් නොතකා ඔවුන්ට කැමති ආකාරටය තමන්ගේ ආර්ථික උවමනවාවන් ඉටු කරගැනීමට පෙළබේ.

මෙවැනි තත්වයක් පිබඳව රජයක් ගැඹුරින් අවබෝධ කර ගතහොත් පමනක් මෙම තත්ත්වය නවතා ගත හැක. එය විවෘත මනසකින් කළ යුතුය. එහෙත් පවතින තත්ත්වය පිළිබදව කථා කිරීමටවත් මිනිසුන් බිය වන තත්වයක් ඇතිවුවහොත් එවැනි කතිකාවතක් ගොඩ නැගීමට බැරිවනු ඇත. සුනිල් ජයවර්ධන මහතා ලීසිං ආයතනය වෙත ගොස් තිබුනේ තම සංගමයේ සාමාජිකයකුගේ ප්‍රශ්නයක් කථා කිරීම සඳහා ය. ඔහු සාමකාමීව මෙම ප්‍රශ්නය විසදීමේ මාවතක් සොයා ගිය අයකි. එහෙත් ලීසිං සමාගම මේ අවස්ථාවෙදි කටයුතු කරන්නේ තමන්ගේ  බදු අය කිරීම සඳහාම නොව බදු ගෙවිය නොහැකි අයව පාවිච්චියට ගෙන ඔවුන්ගේ වාහන තමන් සතු කෑරගෙන ඒවායින් විවිධාකාරයේ ප්‍රයෝජන ගැනීම අරමුණු කරගෙනය. මෙය සමාජෙයේ සෑම අංශයක් පුරාම පැතිරුණු ක්‍රියාදාමයක් බවට පත්ව තිබේ. මෙම ප්‍රශ්ණය විසදීමට ඇති මාර්ගය නම් අවස්ථාව සලස දීම මිස, එම සාකච්ඡාව යටපත් කිරීම තුලින් නොවේ. ඔ්නෑම රටක් මුහුණ දෙන මූලික ප්‍රශ්නය ජීවිකාව පිළිබද ප්‍රශ්නය යි. ඔනෑවට වඩා ප්‍රශ්නයක් යටපත් වීමට ඉඩ හැරියහොත් ඔනවටත් වඩා ප්‍රශ්ණ උග්‍ර වනු ඇත. එය අවසාන වන්නේ කොතනින්දැයි කාටත් කිව නොහැකි ය.

බැසිල් ප්‍රනාන්දු

Social Sharing
නවතම විශේෂාංග