ජනපතිගේ නිවේදන නිසා අපේ ජීවිත අනතුරේ! – මහජන අයිතීන් සුරැකීමේ කමිටුව

සීසර්ලාට වාහන සීස් කිරීමට නොහැකි බව ජනාධිපතිවරයා පැවසුයේ සම්ප්‍රපලාඵ බවත් ජනාධිපතිවරයා නියෝග දුන්නේ සීසර්වරුන්ට බවත් දැන් ඔවුන්ගේ රැකියා අහිමි වීම මත කන්න බලන් සිටිනවා යැයි මහජන අයිතීන් සුරැකීමේ කමිටුවේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.

සීසර්ලා සමඟ සුනිල් ජයවර්ධන සටන් නොකළ බවත් ජනාධිපතිවරයා මේ නීතිය දැමිය යුත්තේ මහ ලිසිංකාරයින්ට බවද ඔහු කියා සිටියි.

සුනිල් ජයවර්ධන දිවි පිදුයේ හොරකම් කරන්නවත්, මංකොල්ල කන්නවත් ගොස්  නොව මේ රටේ ජනාධිපතිවරයා දෙන ලද තීරණයක් ක්‍රියාත්මක නොවිම නිසා ඒ වෙනුවෙන් පෙනී සිටිමට ගොස් මොහු දිවිපිදු බවද ඔහු සිහිපත් කර සිටියේය.

අද ඩේලි කෑෂ් වගේ ක්ෂුද්‍ර මුල ණය එකතු  කරන්න ගම් වලට එන විට නිවෙස් වල සිටින පුද්ගලයින් සැඟවෙන බවත් වාහන ෆිනෑස් ආයතනද එසේම බව ඔහු කියා සිටියි.

වාහනයක සිහිනය සැබෑ කර ගැනිමට ඇති වාහන ෆිනෑස් ආයතන ගිවිසුම් ගසන්නේ ඉංග්‍රිසියෙන් බවත් වාහනයේ පළවෙනි වාරිකය ගෙවන්න ගිය විට තමන් වැටුණු උගුල ගැන දැන ගන්නා බවත් මේ ප්‍රශ්නය පැමිණියේ පාතාලයේ, කුඩුකාරයින් විසින් පවත්වාගෙන යන මයික්‍රෝ  ෆිනෑස් යන ඒවායින් බවද ඔහු පෙන්වා දෙයි.

උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා උතුරු පළාතේ පමණක් මෙවැනි ආයතන 66 ක් තහනම් කර ඇති බව පවසා සිටි බවත් එවැනි පුද්ගලයින්ට මේ ගැන අවධානය යොමු කිරිමට හැකි වුවානම් ජනාධිපතිවරයාට මේ පිලිබඳ අවධානය යොමු කිරිමට නොහැකි වුයේ මන්දැයි අසේල සම්පත් මහතා ප්‍රශ්න කර සිටියි.

Social Sharing
නවතම