එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධිමත් ලෙස පියවර ගෙන ඇතැයි බීබීසි ලෝක සේවය වාර්තා කරයි

කොවිඩ් වසංගතය‍යේ සීග්‍ර ව්‍යාප්තිය සමග ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ පාලනය යටතට පවත්ව ඇතැයි ද එනිසා තම රට එම සංවිධානයට සපයන අරමුදල් නතර කරන බව ද, මැයි මස අගදී එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ තම රට ලෝක සෞඛ්‍ය සංවිධානයට විශාලම මූල්‍ය දායකත්වය ලබාදෙන රට බවය.

ඒ අනුව බීබීසිය වාර්තා කරන්නේ මේ වනවිට ජනාධිපතිවරයා එම සංවිධානයෙන් එක්සත් ජනපදය ඉවත් කරගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ කොන්ග්‍රසයට නිළ දැනුන්දීම් කර ඇති බවය. මෙම ඉවත්වීම සඳහා අවම වශයෙන් වසරක් කාලයක් ගතවෙනු ඇතැයි දැනගන්නට ලැබේ.

මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක Stéphane Dujarric, එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ මෙම දැනුවත් කිරිම තහවුරු කර ඇත. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ 2021 ජූලි 6 දින සිට බලපැවැත්වෙන පරිදි එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමට දැනුවත් කර ඇති බවය.

යුරෝපා සංගමය වැනි ආයතන සහ ප්‍රබල රටවල් ප්‍රකාශ කරන්නේ එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙම තීරණය පිළිබඳව නැවත සළකා බැලිය යුතු බවය. එක්සත් ජනපදය තුළ ද පිළිබඳව විශාල විරෝධයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Social Sharing
නවතම විදෙස්