‌‌‌‌ඉතිහාසගත මාධ්‍ය සාකච්ඡා දෙකක්!

පසුගිය සතිය තුළ ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ මාධ්‍ය සාකච්ඡා දෙකක් පැවැත් විය. ඉන් ඒකක් පැවැවුයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් වූ අතර, වසර 136ක් පැරණි නීතිපති දෙපාර්තමේන්තුව මින් පෙර ඒසේ මාධ්‍ය සාකච්ඡා පවත්වා නොතිබුනි. දෙවැනි මාධ්‍ය සාකච්ඡා පැවැත්වුයේ මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරැද්ධ සම්පායෝ මහතා වන අතර ඒහි විශේෂත්වය වුයේ පොලිස් ජීප් රථයක සිට ඒම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමය. ඉහල පොලිස් නිලධාරියෙකු ඒ් ආසන්නයේ සිටිය දී පැවැත් වූ ඒවැනි මාධ්‍ය සාකච්ඡාවක් මින් පෙර ලංකාවේ සිදුවී නැත.

ඒකම කරැණක් අරඹයා මෙම මාධ්‍ය සාකච්ඡා දෙකම පැවති අතර, පොලිස් දෙපාර්තමේන්තුවේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපයන් පිළිබදව විශාල කතාබහක් නැවතත් ඉන් නිර්මාණය විය. නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සාකච්ඡාව අතිරේක සොලිස්ටර් ජෙනරාල් දීලීප පීරිස් මහතා විසින් පවත්වනු ලැබූ අතර, ඒහි අදාල සැකකරැ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධව විශාල විවේචනයක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ඒල්ල කළේය. මීලග නඩු දිනයේ දී අදාල සැකකරැ අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ නම්, වැඩබලන පොලිස්පතිවරයා අධිකරණයට කැදවා කරැණු විමසීමට බලාපොරොත්තුවන බව ඔහු ඒහි දී ප්‍රකාශ කළාය.

මින් පෙර මාධ්‍ය වෙත පැමිණ අදහස් දැක්වීමක් තබා, රටේ පුරවැසියෙකු විසින් නීතිපති වෙත යවනු ලබන සාමාන්‍ය ලිපියකට පවා ප්‍රතිචාර දක්වීමක් සිදු නොකරනු ලබන ආයතනයක් ලෙස ප්‍රචලිත නීතිපති දෙපාර්තමේන්තුව මේ අකාරයෙන් දිගන් දිගටම කටයුතු කරන්නේ නම් ඒය මේ රටේ අපරාධ අඩුවීමටත්, නීතියේ ආධිපත්‍ය ආරක්ෂාවීමටත් හේතුවනු ඇත.

Social Sharing
නවතම