“ලංකාවේ කොරෝනා පතුරුවා හැරියේ ගෝඨාභය” – ටිල්වින් චෝදනා කරයි.

ශ්‍රී ලංකාව තුල කොරෝනා පාලනය කිරීම වෙනුවට එය පතුරුවා හැරීයේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතික බලවේගයේ සාමාජික, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ලංකාවේ කොරෝනා රෝගීන් දැන් දෙදහස ඉක්මවා ගොස් ඇති බවත් ඉන් දහසකට ආසන්න ප්‍රමාණයක්ම ශ්‍රි ලංකා නාවික හමුදාවේ සෙබලුන් බවද ඔහු පෙන්වා දෙයි.

නාවික හමුදාවට කොරෝනා සෑදෙව්වේ චීන්නු නොව ගෝඨාභය රාජපක්ෂ යැයිද ඔහු චෝදනා කර සිටියි.

වසංගතයක් මර්දනය කරන්න හමුදාවක් යැව්වේ හිස් අතින් බවත්, හමුදාවට කළ හැකි දේවල් තිබෙන නමුත් ගෝඨාභය සිතා සිටින්නේ හමුදාවට සියල්ල කළ හැකි බවද ටිල්වින් සිල්වා මහතා පවසයි.

යුද්ධයක්, නාය යෑමක්, ගංවතුරක් මෙන් නොව කොරෝනා නොපෙනෙන වසංගතයක් වන අතර එය පාලනය කිරීමට තුවක්කු ගෙන ගොස් නොහැකි බවත් ඊට පළමුව යා යුත්තේ වසංගත රෝග පාලනය පිලිබඳ දැනුමක් ඇති අය වන නමුත් මේ කොරෝනා වසංගතය පාලනයට හිස් අතින්ම යැව්වේ හමුදාව බවද ඔහු සඳහන් කර සිටියි.

ඔහුගේ මේ අඥාන ක්‍රියාව නිසා සෙබලුන්ට රෝගය වැළඳි මුලු රටේම ව්‍යාප්ත වු බවද ඔහු චෝදනා කර සිටියි.

නමුත් දැන් කොරෝනා මර්දනය වෙනුවෙන් ලකුණු දා ගනිමින් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ බවද ඔහු පවසයි.

ශානිකා

චන්ද්‍රසේන ගමගේ-  තංගල්ල

Social Sharing
නවතම