රංගජීව ගේ හිරිකිත වැඩේට මාධ්‍ය සංවිධාන විරෝධය

පොලිස් රංගජීව කිසිදු හිරිකිතයකින් තොරව ඔහුගේ චණ්ඩිකමෙන් ඡායාරූප මාධ්‍යවේදියාව ඇඳගෙන යන බවත, එය තරයේ තම සංගමය හෙළා දකින බවත් වයඹ ජනමාධ්‍ය හා ජනකලාවේදීන්ගේ සංගමයේ සභාපති ජනූර් කිචිලාන් මහතා පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව අද කොළඹ මහධිකරණයට පැමිණෙන අවස්ථාවේ ඔහුගේ ඡායාරූපයක් ගත් මාධ්‍යවේදියෙක් ඔහුගේ කොලරයෙන් ඇද ගෙන යනු අද දහවල් මාධ්‍ය මඟින් දුටු බවය.

ඔහු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ හැඳුනුම්පතක් පැළඳ සිටි අවස්ථාවේ ඔහුට මෙම බාධා කිරීම සිදු වූ බවත් පැහැදිලිවම එම හැඳුනුම්පතේ සඳහන් කර ඇත්තේ මෙය පැලඳ සිටින මාධ්‍යවේදියාට සිය රාජකාරි කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන ලෙස ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

මාධ්‍ය නිදහස රටක තිබිය යුතු බවත් පහුගිය රජය තොරතුරු දැනගැනීමේ පනත සම්මත කළ බවත් කියා සිටින ඔහු පෙන්වා දෙන්නේ මෙය මේ රටේ ජනතාවට සත්‍ය දැනගැනීමේ අයිතියට එල්ල කළ පහරක් බවය.

Social Sharing
නවතම