දින 24 කට පසු නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතයෝ 2 ක්

නවසීලන්තයේ දින 24කට පසු ප්‍රථම වතාවට කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනකු සොයාගෙන ඇත. බ්‍රිතාන්‍යයේ සිට විශේෂ අවසර ඇතිව තම මවුපියන්ගේ අවමංගල කටයුතු සඳහා සහභාගී වීමට පැමිණි එකම පවුලේ සහෝදරියන් දෙදෙනකුට මෙසේ කොරෝනා ආසාදනයට වී ඇති බව කියයි.

තම රටේ වයිරස් ආසාදනය නොමැති බැවින් මීට සතියකට පමණ පෙර නවසීලන්තය රට අභ්‍යන්තරයේ කටයුතු බොහෝ සෙයින් ලිහිල් කළේය. එහෙත් දැඩි දේශසීමා නීති ලිහිල් කළේ නැත. රටේ පුරවැසියන් සහ අත්‍යවශ්‍ය වෘත්තිකයන්ට පමණක් රටට ඇතුළුවීමට අවසර ලබා දෙමින් පැවැතිණි. නවසීලන්තයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් මේ ගැන අදහස් දක්වමින් රටට ඇතුළුවීමට අනුමැතිය ලබා දීමේ කටයුත්ත නිශ්චිත සැලැස්මකට අනුකූලව සිදු කෙරෙන බව කීවේය.

Social Sharing
විදෙස්