කොරෝනා රෝගීන් කෝටිය ඉක්මවයි, මිය ගිය ප්‍රමාණය ලක්ෂ 5යි

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ රෝගයට ගොදුරුවූවන්ගේ ප්‍රමාණය ඊයේ කෝටිය ඉක්මවීය. ඒමෙන්ම, මෙම රෝගයෙන් මිය ගිය ප්‍රමාණය ලක්ෂ පහ ඉක්මවා තිබේ. ඒ් අනුව අද වන විට ලොව පුරා රෝගීන් 10,081,545 සොයා ගෙන ඇති බවත්, ඉන් මිය ගිය ප්‍රමාණය 501,298 බවත් වර්ඩ්ඔමේටර් වෙබ් අඩවිය පවසයි.  තවමත් මෙම රෝගයෙන් දරැණු ලෙස පීඩාවට පත්ව සිටින්නේ ඇමරිකා ඒක්සත් ජනපදය හා බ්‍රසීලයයි. මේ වන විට ඇමරිකාව තුළ රෝගීන් 2,596,537ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, ඒහි මිය ගිය ප්‍රමාණය 128,152  කි. බ්‍රසීලයේ රෝගීන් 1,315,941 වාර්තා වන අතර මිය ගිය ප්‍රමාණය 57,103 කි.

ඉහත රටවල් දෙකට අමතරව රුසියාව හා ඉන්දියාව මෙම රෝගයෙන් දරැණු ලෙස පීඩා විදින රාජ්‍යයන් බවට පත්ව තිබේ. ඒම රටවල් තුළ දැනට වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණය ලක්ෂ 5 ඉක්මවා තිබේ.

ඉන්දියාව ඇරැණම අනෙකුත් දකුණු ආසියා රටවල තුළත් මෙම රෝගය පැතිරීම වේගවත් වී ඇති අතර, පකිස්ථානය හා බංගලිදේශයේ තත්ත්වය බරපතල වී ඇති බවයි වාර්තා වෙන්නෙ. පකිස්ථානයේ රෝගීන් ලක්ෂ දෙකකට ආසන්න වී ඇති අතර, බංගලදේශයේ තුළ රෝගීන් 133,978 සොයාගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව තවමත් කොරෝනා වැලදී ඇති රටවල් ලයිස්තුවේ 105 වන ස්ථානයේ පසුවන අතර, මේ වන විට රෝගීන් 2,033 වාර්තා වී තිබේ.

Social Sharing
නවතම