අලුත් පාර්ලිමේන්තුවේ මැති, මැතිණියන්ට වැඩ වරදින ලකුණු!

අලුත් පාර්ලිමේන්තුවේ මැති, මැතිණියන්ට වැඩ වරදින ලකුණු!

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වන මන්ත්‍රීවරුන් විසින් කරන “අපරාධ චර්යාවන් පිළිබදව” වාර්තා  ඇතුලත් වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

ඒ සදහා වන මුලික කටයුතු මේ වන විටත් සිදු කර අවසන් බවයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක පවසන්නේ.

මාධ්‍යවේදීන් සඳහා පැවැත්වෙන පුහුණු සැසියක් වෙනුවෙන් සකස් කළ වීඩියෝවක් සිය මුහුණු පොතේ ප්‍රචාරය කරමින් ඔහු ඒ බව සදහන් කර තිබේ.

යම් අපේකෂකයන් සතුව අපරාධ චර්යාවන්  පවතින්නේ නම් එය වාර්තා කිරීම මගින් ඔවුන් සම්බන්ධයෙන් නිසි තොරතුරු ජනගත කිරීමට එමගින් හැකි බව මංජුල ගජනායකගේ අදහස වී තිබේ.

“මෙය ඇත්තටම හොද කරුණක්. ඒකට හේතුව වන්නේ එක අපේක්ෂකයෙක් හෝ දෙන්නෙක් නැතිනම් බහුතරයක් ඉන්නට පුළුවන් කිසිදු අපරාධ චර්යාවන් නොමැතිව. එවැනි යාවත්කාලීන කරන ලද වෙබ් අඩවියක් තුලින් හැකියාව ලැබෙනවා කවර නම් අපේක්ෂකයන්ගේ අධිකරණ, නැත්නම් අල්ලස් හෝ දුෂණ, ආදී වශයෙන් කවර තරම් පැමිණිලි ප්‍රමාණයක් ලැබී තිබෙනවාද? ඔවුන්ට එරෙහිව කුමන ආකාරයේ නඩු කටයුතුද ගොනුවී තිබෙන්නේ හෝ ඔවුන් ඇත්තටම කරන ලද වැරදි මොනවද යන්න පිළිබද කරුණු නිසි ලෙස ජනගත කරන්නට.”

මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස   තොරතුරු දැනගැනීමේ පනත දැඩිව මැතිවරණ නිරීක්ෂණයට උපයෝගී කරගැනීමට  අපේක්ෂා කරන බව මංජුල ගජනායක වැඩි දුරටත් සදහන් කරයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන පරිදි 2020 අගෝස්තු මස පස්වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සදහා  අපේක්ෂකයන් 7452 ක් ඉදිරිපත්ව සිටී.

ඔවුන් අතුරින් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු නියෝජිතයන් ලෙස 196 දෙනකු තෝරා පත් කරගැනීමට නියමිත අතර සෙසු මන්ත්‍රීන්  29 දෙනා ජාතික ලැයිස්තුවෙන් තෝරා පත් කරගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමෙන්  අනතුරුව පවත්වනු ලබන පළමු පාර්ලිමේන්තු මැතිවරණය ලෙස 2020 පාර්ලිමේන්තු මැතිවරණය ඉතිහාස ගත වේ.

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment